Internship එකක් හොයන එක ලේසි නෑ, හැබැයි "Hard work" වගේම "Smart work" එකත් මෙතනදි ගොඩක් වැදගත්. ගොඩක් අය කරන්නේ තියෙන ඔක්කොම දාලා CV එක පුරවන එක. ඒත් අද කාලේ HR Managers/Founders ලා බලන්නේ "Relevance" එක මිසක් "Volume" එක නෙවෙයි.
ඔයාගේ Application එක Standout වෙන්න මේ Checklist එක follow කරන්න:
1. "Generalist" නොවී "Specialist" කෙනෙක් වෙන්න. Job Advertisement එකේ තියෙන්නේ "Flutter Developer" නම්, ඔයාගේ CV Title එකත් "Flutter Developer" වෙන්න ඕනේ. නිකන්ම "Mobile App Developer" කියලා දාන්න එපා.Tech Stack: ඔයා දන්න හැම Language එකම දාන්න එපා. Job එකට අදාල දේ විතරක් දාන්න. (Ex: Flutter apply කරනවා නම් Python, C++ දාලා වැඩක් නෑ. ඒක "Noise" එකක් විතරයි).
2. Quality Projects > Quantity Tutorial බලාගෙන හදපු Apps 10ක් දානවට වඩා, හරියට හදපු Production-ready Apps 2-3ක් දාන එක වටිනවා. ඒත් නම විතරක් දන්න එපා. මුල ඉඳන්ම පිළිවෙලට Git Commit History එක maintain කරන්න. ඔයාට Version Control, Branching, etc. සහ CI/CD ගැන knowledge එකක් තියෙනවා කියලා එතකොට තමයි prove වෙන්නේ. Readme එක හරියට හදන්න, installation guide එක එකේ හදන්න. ඒ වගේම පුළුවන් නම් application එක host කරලත් link කරලා තියන්න. demo details එක්ක.
3. Bias ඇතිවෙන දේවල් අයින් කරන්න. HR Process එක unbiased වෙන්න නම් මේ දේවල් අයින් කරන්න:Personal Photos, Age, NIC number, Full Address දාන්න එපා.Degree එකක් කරනවා නම් O/L, A/L results, GPA දාන්න මහන්සි වෙන්න එපා (Specifically ඉල්ලලා තියෙනවා නම් විතරක් දාන්න.) ඒ වෙනුවට Software Testing, Agile වගේ relevant modules ගැන දාන්න. ඒවාට තියෙන පොඩි certificate ටිකක් කරන්න Coursera එකෙන් වගේ.
4. The "Reference" Trap. වෙනත් Company වල Software Engineers, Tech Leads, Directors, CEO ලගේ නම් references විදියට දාන්න එපා. HR Managers/Founders ලට ඒක Red flag එකක් වෙන්න පුළුවන් ("මෙච්චර connection තියෙනවා නම් ඇයි ඒ company එකේ වැඩ කරන්නේ නැත්තේ?" කියලා හිතෙන්න පුළුවන්).
5. ATS Friendly Format එකක් පාවිච්චි කරන්න. Canva වගේ site වලින් හදන Graphic-heavy CVs ගොඩක් වෙලාවට ATS (Applicant Tracking Systems) වලට read කරන්න අමාරුයි.Clean, standard Google Doc template එකක් පාවිච්චි කරලා PDF export කරන්න. ඒක HR කෙනෙක්ට වගේම AI parsers වලටත් ලේසියෙන් කියවන්න පුළුවන්.
6. Unrelated Work Experiences දාන්න එපා. Software Engineering / Tech role එකකට apply කරනකොට, මීට කලින් කරපු non-tech jobs (Ex: Cashier, Sales Assistant, Data Entry) දාන්න යන්න එපා.HR Manager/Founder කෙනෙක්ට ඔයාගේ IT skill එක මිසක්, ඔයාට cashier කෙනෙක් විදියට වැඩ පුලුවන්ද කියන එක අදාල නෑ. ඒ වෙනුවට ඔයා කරපු Freelance projects හෝ Open Source contributions තියෙනවා නම් ඒවා දාන්න.
7. CV එකේ content වගේම "Look & Feel" එකත් වැදගත්. Font styles සහ Sizes හැමතැනම මාරු කරන්නේ නැතුව, මුළු CV එකම Consistent & Neat විදියට තියාගන්න. ඇහැට මහන්සියක් නැතුව කියවන්න පුළුවන් වෙන්න ඕනේ. වැදගත් Titles විතරක් Bold කරලා highlight කරන්න.
Make it Clickable: HR Manager/Founder කෙනෙක් ඔයාගේ Phone Number එක හෝ Links copy-paste කර කර ඉන්න කැමති නෑ. වැඩේ ලේසි කරන්න: Hyperlink කරන්න (Click කරපු ගමන් WhatsApp/Phone/ Web Pages වලට යන්න).Profiles: GitHub, LinkedIn URL ටික නිකන් text විදියට දාන්න එපා, ඒවාත් Clickable Hyperlinks විදියටම දාන්න.
8. Objective එකේ ඇයි මේ Company එකටම එන්නේ කියන එක දැනගන්න චුටි දේවල් ටිකක් දන්න.Company එක කරන දේ (FinTech, HealthTech etc.) ගැන පොඩ්ඩක් හොයලා, ඔයාගේ passion එක ඒකට connect කරන්න. "Just a job" mentality එකෙන් නෙවෙයි, ඉගෙන ගන්න ආසාවෙන් එන්නේ කියල පෙන්නන්න.
ගොඩක් HR Managers/Founders ලා බයයි Intern කෙනෙක් Train කළාට පස්සේ එයා ඉක්මනට Masters කරන්න හෝ රට යයි (Abroad) කියලා. Risk, cost, and ROI of interns, long-term contribution තියෙන නිසයි බය. ඒ නිසා, Internship එකෙන් පස්සෙත් Company එකේම නැවතිලා Contribute කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක පැහැදිලිව mention කරන්න. ඔයා එන්නේ මාස 6කට නෙවෙයි, Career එක එතන build කරන්න at least 2 years ඉන්නවා, successfully intern එක completed නම් සහ permanent කරනවා නම් කියන confidence එක දෙන්න.
Competition එක beat කරන්න නම් මේ පොඩි පොඩි දේවල් ගැන සැලකිලිමත් වෙන්න. Good Luck!